භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 19වැනිදා සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක භාණ්ඩාගාර බිල්පත් මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතයි.

කාලීන පුවත්