ප්රීමා සමාගම තිරිඟු පිටි මිල රුපියල් 10 කින් අඩු කළ මුත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.ඔහු වැඩිදුරටත් පවසනුයේ මීට සති කිහිපයකට පෙර බේකරි නිෂ්පාදන මිල අඩු කළ බැවින් යළි පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල සංශෝධනය කිරීමට හැකියාවක් නොමැති බවකි