සමනල වැවෙන් ගොවිතැනට ජලය ඉල්ලා ඇඹිලිපිටියේ උද්ඝෝෂණ

ඇඹිලිපිටිය ආශ්‍රිත ගොවි බිම් විශාල ප්‍රමාණයක් නියඟයට ගොදුරු වීම හේතුවෙන් ජල විදුලි උත්පාදන පිණිස වෙන් කොට ඇති සමනල වැවෙන් වගාවන්ට අවශ්‍ය ජලය ලබාදෙන ලෙස ඉල්ලමින් අද(24) ඇඹිලිපිටිය නගර මධ්‍යයේ උද්ගෝෂණයක් පැවැත්විණි.සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ මහවැලි රාජ්‍ය සංවිධාන එකමුතුව මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබූ අතර එම විරෝධතාව අතරතුර මාධ්‍යට අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ විදුලි උත්පාදනය වෙනුවෙන් ජලය හැරුණු කොට වෙනත් විකල්ප ඇතත් ගොවිතැනට ජලය වෙනුවට යොදා ගත හැකි වෙනත් කිසිදු විකල්පයක් නොමැති බවකි.

කාලීන පුවත්