නව පරපුරේ මුල් පෙළේ මාධ්‍යවේදියෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන තරිඳු උඩුවරගෙදර මහතාට බොරැල්ලේ අද (28) පවතී උද්ඝෝෂණයක් අතරතුර පොලිස් ප්‍රහාරයකට ලක්ව ඇත.පසුව ඔහු පොලිස් අත්අඩංගුවට ද පත්ව තිබේ.කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණය ත්‍රිරෝද රථයක් තුළ සිට වීඩියෝ ගත කරමින් සිටිය දී පොලීසිය ඔහුට අමානුෂික ලෙස පහර දෙමින්,හිසකෙස්වලින් අදිමින් ත්‍රිරෝද රථයෙන් පිටතට ගෙන පොලිස් ජීප් රථයක දමාගෙන රැගෙන ගිය බවක් පැවසෙයි.තමන් මාධ්‍යවේදියෙකු බව පවසන විටත් පොලීසිය ඔහුට දිගින් දිගටම පහර දෙමින් ඔහු බොරැල්ල පොලිස් ස්ථානයට රැගෙනවිත් ඇති බව සඳහන් ය.ඔහු හෙට දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත මුත් ඔහුට එරෙහි නිශ්චිත චෝදනාවක් ද ඉදිරිපත් වී නැත.