මිහින්තලා පුද බිමේ විදුලි බලය අද (3 දා) දහවල් විසන්ධි කළ බව, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමි පවසයි.තමන් සෘජුව කතා කරන නිසා දේශපාලන නඩය තමන්ගේ ආසනය බේරා ගැනීම සඳහා ශාසනයෙන් පලි ගන්නා බව ඒ හිමියෝ කියති.එහෙත් ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරනුයේ විදුලි බිල් හිඟය සම්පූර්ණ නොකිරීම මත විදුලිය විසන්ධි කිරීමේ සාමන්‍ය ක්‍රියා පටිපාටියට අමතර කිසිවක් මෙහි දී සිදුව නැති බව ය.