අප රටේ සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් මතු වන ගැටළු අර්බුද විසඳමින් රටට ගුණාත්මක බවින් යුතු සෞඛ්‍ය සේවයක් ලබා දීමේ අරමුණින් පසුවන තමන්ට ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බිරිඳ හා දරුවන් හැරුණු කොට අන් කිසිවකුත් කියා නැතැයි සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.ඇමති වරයා එසේ පවසා සිටියේ ඔහුට සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇති බවට සමාජ ජාල ඔස්සේ පළවන වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකදී ය.අභියෝග වලට මුහුණදීමට තමන්ට ආත්ම ශක්තිය ඇති බැවින් අභියෝග හමුවේ පලා යාමේ කිසිදු අදහසක් නොමැති බව ද ඇමති වරයා කීය.