නියඟයෙන් අනූ දහසකට පීඩා

නියඟයෙන් අනූ දහසකට පීඩා පවත්නා වියළි කාලගුණික තත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 90,000 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.උතුර නැගෙනහිර වයඹ හා සබරගමු පළාත්වල පවුල් 27,845 කට අයත් පුද්ගලයින් 90,000 ක් මෙසේ පීඩාවට පත්ව තිබේ එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18ක ජනතාවට බලපෑම් එල්ල වී ඇත.දිවයිනේ ප්‍රදේශ ගණනාවක වැව් රැසක් සිඳී ගොස් ඇති අතර සෙසු වැව් වල ජලාශවල ජල මට්ටම ද සීඝ්‍ර ලෙස පහත බැස තිබේ. දැඩි නියඟය හේතුවෙන් වගා කටයුතුවලට ද හානි සිදු වී ඇති අතර විශේෂයෙන් වී වගාවට ද බලපෑම් එල්ල වී ඇත.එමෙන්ම ගෘහාශ්‍රිත සහ වන සතුන් හා පක්ෂීන් ද දැඩි පානීය ජල හිඟයකට මුහුණ දී සිටින බැවින් ඒ සඳහා සුදුසු පිළියම් යොදන ලෙස සත්ව අහිංසා ක්‍රියාධරයෝ ඉල්ලා සිටිති.

කාලීන පුවත්