සමනල වැවෙන් උඩවලවට ජලය ගන්නා යෝජනාව අද යළිත් කැබිනට් මණ්ඩලයට

වලව කලාපයේ කුඹුරු අක්කර 65000 ක ප්‍රමාණයක් විනාශ වීම වලකාලීම පිණිස උඩවලව ජලාශයට සමනල වැවෙන් ජලය ලබා ගැනීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව අද( 07) කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා විසින් නැවතත් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.පසුගිය සතියේ දී ද මෙම කැබිනට් පත්‍රිකාව අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අවස්ථාවේ යෝජනාවට පක්ෂව සහ විපක්ෂව කරුණු ඉදිරිපත් විය.කෙසේ වෙතත් ගොවි ජනතාව ඇතුළු පාර්ශව රැසක් ඉදිරිපත් කළ යෝජනා ද සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැුස්වන කැබිනට් මණ්ඩයට එම කැබිනට් පතිකාව නැවත වරක් ඉදිරිපත් කිරීමට නියමිත ය.

කාලීන පුවත්