තමුන්නාන්සේලාමනේ මට කියන්නේ රාජපක්ෂවරුන්ට යටවෙන්න එපා කියලා. මම ඒ අනුව වැඩ කරනකොට ඒකටත් විවේචන ගේනවා. කැබිනට් එකේදි කියපු කතාවක් මම මේ කියන්නේ.” ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. නමුදු ඔහුට රාජපක්ෂලාට යට නොවන ලෙස කැබිනට් ඇමතිවරුන් කවුරුන් ද යන්න එහි දී නොකීව ද මේ වන විට ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ප්රබලයන් කිහිප දෙනකු ඇතුළු මන්ත්රී කණ්ඩායමක් ජනාධිපති වරයාට සෘජුව සහාය පළ කිරීමට ඉදිරිපත්ව සිටිති.නමුදු ජනාධිපති වරයා රාජපක්ෂ පවුලට අවනතව දේශපාලන කටයුතු කරන්නේය යන අදහස මුල් කොට ඔහුට විරුද්ධ දේශපාලන මතධාරීහු තවමත් ඔහු “රනිල් රාජපක්ෂ” ලෙස හඳුන්වති.