බඩඉරිඟු බද්ද පහත හෙළ‍යි

දැනට පවතින සත්ව ආහාර මිල පහත හෙලීම සඳහා බඩඉරිඟු කිලෝ ග්රෑම් එකක් මත පනවා තිබු රුපියල් 75/= ක ආනයන බද්ද ඊයේ (17) රාත්‍රියේ සිට රුපියල් 25/=ක් දක්වා අඩු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.බඩඉරිඟු යොදාගෙන නිෂ්පාදනය කෙරෙන සත්ව ආහාර මිල අඩු කිරීම මෙහි අරමුණ බව පවසන අමාත්‍ය වරයා එමඟින් සත්ව නිෂ්පාදන මිල ද යම් තරමකින් පහත වැටෙනු ඇතැයි කියයි

කාලීන පුවත්