දැනට පවත්නා මිලට සාපේක්ෂව ඉදිරියේ දී සහල් මිලෙහි යම් වැඩිවීමක් දැකිය හැකි බව වෙළඳ පළ ආරංචි මාර්ග පවසයි.එහෙත් පාරිභෝගිකයන් පවසනුයේ මේ දිනවල රට තුළ පවත්නා ආර්ථික අවපාතය අතරේ මේ වන විට පරිමාන සහල් මෝල් හිමියන් සහල් මාෆියාවක් ද නිර්මාණය කොට ඇති බවකි.ඉකුත් මාස් කන්නයේ ඉතා අඩු මුලට වී මිල දී ගත් ඔවුන් මේ වන විට ඒවා සහල් කොට ඉතා වැඩි මිලට වෙළඳ පලට නිකුත් කරන බවත් සිල්ලර වෙළඳුන් ද පාරිභෝගිකයන් හමුවේ නියඟය ආදී හේතු මවා පාමින් ඒවා වැඩි මිල ගණන් යටතේ ඒවා අලෙවි කරන බවකි.ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසනුයේ මේ වන විට සමස්ත වී තොග සියල්ල පෞද්ගලික මෝල් හිමියන් සතුව පැවතීම මුල් කොට ඉදිරි මාස කිහිපය තුළ එසේ සහල් මිල යම් තරමකට හෝ ඉහළ යාමේ ස්වභාවික අවකාශයක් පවතින බව ය.නමුත් මේ සම්බන්ධයෙන් වහා ඉදිරිපත් විය යුතු පාරිභෝගික කටයුතු අධිකාරිය ඒ සඳහා ප්‍රමාණවත් මැදිහත් වීමක් සිදු කරන බවක් පෙනෙන්නට නැතැයි පවසන පාරිභෝගිකයෝ ඒ අනුව ගොවි ජනතාව සහ පාරිභෝගික ජනතාව අසරණ කරමින් මහා පරිමාන සහල් මෝල් හිමියන් තව දුරටත් තරවන අයුරක් පැහැදිලිව පෙනෙන බව කියති.ඒ මේ වන විට ඉන්දියාව සහල් අපනයනය මුළුමනින්ම නතර කිරීමත් සහල් ආයනනය සඳහා අවශ්‍ය විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ නොවීමත් මත මේ අසාධාරණය මෙවර තවත් ඉහළ යනු ඇතැයි යන්න බොහෝ දෙනකුගේ විශ්වාසයයි.