ගල්කිස්ස මීගමුව අතර වෙරළේ කැස්බෑ සිරුරු

මුහුදු වෙරළට ගසා ගෙන ආ කැස්බෑ සිරුරු හතරක් අද(23) උදේ පමුණුගම වෙරළ තීරයේ දී ප්‍රදේශවාසීන්ට දක්නට ලැබී ඇත.ඔවුන් පවසනුයේ පසුගිය දිනවල ද ගල්කිස්ස සහ මීගමුව අතර ශ්‍රී ලංකාවේ බටහිර වෙරළට වරින් වර මෙසේ කැස්බෑ සිරුරු ගොඩ ගසා තිබූ මුත් සිරුරු හතරක් එක් වර ගොඩ ගසා තිබූ මුල්ම අවස්ථාව මෙය බවය.මෙම කැස්බෑවුන් උණුසුම් සාගර ප්‍රවාහයනට හසු වීමෙන් මරණයට පත් වීමක් විය හැකි බවට ඇතැමුන් අනුමාන කළ ද එම ප්‍රදේශවාසී ජනතාව පවසනුයේ මෙතරම් කැස්බෑවුන් මිය යාම ස්වභාවික තත්වයක් නොවන බව ය.කෙසේ හෝ මේ සම්බන්ධයෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා අදහස් ප්‍රකාශ කිරීමක් සිදු කොට නැත.

කාලීන පුවත්