එන්තතක් ලබා දෙන අතරේ රෝගියෙක් මරුට

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි පුද්ගලයෙකුට Co-amoxiclav ප්‍රති ජීවක එන්නතක් ලබාදෙන අතරතුරදී ඊයේ (26) මියගොස් තිබෙන බවට වාර්තා වෙයි.ඔහුගේ මරණය අසාත්මිකතා කම්පනයක් හේතුවෙන් සිදුවීද? යන්න තහවුරු කරගැනීමට පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බැවින් එතෙක් අදාළ එන්නත රෝගීන්ට ලබාදීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.අදාළ රෝගියා කැපුම් තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනිමට වරකාපොළ රෝහලට ඇතුළත්ව සිට ඇති අතර පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර එවා තිබේ.එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර කැපුම් තුවාල සුවවීම සඳහා එම ප්‍රතිජීවික එන්නත ලබාදීමෙන් පසු මෙලෙස මියගිය බව වාර්තා වේ.අප රටේ බහුලව භාවිතා වන මෙම ප්‍රතිජීවක එන්නත දේශියව නිෂ්පාදනය කරන අතර එම ඖෂධයට ජාතික ඖෂධ නියාමනය අධිකාරියේ අනුමැතිය ද ලැබී තිබේ. මියගිය රෝගියාගේ පශ්චාත් මරණ පරික්ෂණය අද(27) දිනයේ සිදුකිරිමට නියමිත ය.

කාලීන පුවත්