අනීතිකව නිල නිවසේ රැඳී සිටින චන්න ජයසුමන නෙරපීමට නියෝග

අනීතිකව නිල නිවසේ රැඳී සිටින චන්න ජයසුමන නෙරපීමට නියෝග හිටපු සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් පසුවත් අනීතිකව නිල නිවාසයේ බලෙන් රැඳී සිටීම හේතුවෙන් එයින් නෙරපා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියෝග කොට ඇත.මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවක් සලකා බලමිනි.රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පරිපාලන ලේකම්වරයා මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ විත්තිකරු අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් පසුවත් අනීතිකව ලෙස නිල නිවාසයේ රැඳි සිටින බැවින්, ඔහුට ඉන් ඉවත් වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසය.අදාළ කරුණු අධිකරණය හමුවේ තහවුරු කිරිමෙන් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කොට ඇත.

කාලීන පුවත්