මඩු පාර රක්ෂිතයේ හෙක්ටෙයාර් 56.8 ක කොටසක් ජනතාවට

මන්නාරම මඩු දේවස්ථානයට ප්‍රවේශ මාර්ගයක් වනමඩු පාර රක්ෂිතයේ හෙක්ටෙයාර් 56.8 ක කොටසක් ගැසට් මගින් ජනතාව සඳහා නිදහස් කර තිබේ.අදාළ කොටසේ පවතින කුඹුරු ඉඩම් වසර ගණනවක් තිස්සේ ජනතාව වගා කරමින් සිටින බවත් එම ප්‍රදේශයේ ජනතාව කළ ඉල්ලීම් සලකා බලා මේ පියවර ගත් බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.නමුදු පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා ප්‍රකාශ කරනුයේ වන රක්ෂිත කොටස එසේ ජනතාව වෙනුවෙන් මුදා හැරීම නීති විරෝධී බැවින් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවකි.

කාලීන පුවත්