ඉන්දියාවේ කෘෂි අස්වැන්න පහත වැටීමෙන් ලොවටම බලපෑම්

වසර 100 කට ආසන්න කාලයක් තුළ මුහුණ පෑ දරුණුතම නියඟය හමුවේ ඉන්දියාවේ කෘෂි අස්වැන්න පහත වැටීමේ හේතුවෙන් ලොවටම බලපෑම් එල්ල විය හැකි බවට පුරෝකතන ඉදිරිපත් ව තිබේ.මේ වන විටත් එහි ආහාර මිල ගණන් සියයට 11 කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.සාමාන්‍යයෙන් ස්ථාවර තත්වයක පවතින ආහාර මිල ගණන් මෙලෙස ඉහළ යාම ඉන්දියාව බැරෑරුම් තත්වයක් සේ සළකන අතර ආහාර සුරක්ෂිතතාව සඳහා කඩිනම් උපාය මාර්ග යෙදීම ද මේ දිනවල සිදුවෙයි.පවත්නා තත්වය හමුවේ බාස්මතී නොවන සුදු සහල් අපනයනය හදිසියේ තහනම් කළ ඉන්දියාව තිරිඟු පිටි අපනයනය ද දැනටමත් තහනම් කර තිබේ.පරිප්පු මිල ගණන් සියයට 20 කටත් වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති අතර ලූණු මිල ද ඉහළ ගොස් ඇති බව ද වාර්තා වෙයි. ලූනු සඳහා සියයට 40 ක බද්දක් ද පනවා සීනි අපනයනය ද තහනම් කිරීමේ වැඩි සම්භාවිතාවක් ඇති බව ඉන්දිය ආර්ථික විශේෂඥයින් ප්‍රකාශ කර කොට ඇත.ගෝලීය කෘෂි වෙළඳාමේ ප්‍රධානම රටක් වන ඉන්දියාවේ ආහාර මිල ගණන් ඉහළ යාම ගෝලීය ආහාර දාමයට ද බලපෑම් කරනු ඇති බවට විදෙස් මාධ්‍ය අනතුරු අඟවා තිබේ.

කාලීන පුවත්