සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය ඕනෑම වෙලාවක මැතිවරණ ජයග්‍රහණයක් මඟින් රටේ වගකීම බාර ගැනීමට සජිත් සූදානම් බවත් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.ඒ සඳහා මූලික පියවරක් ලෙස සමගි ජන බලවේගය රටේ සෑම මැතිවරණ කොට්ඨාසයකම බල මණ්ඩල පවත්වා මේ වන විටත් අවසන් බව ද රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.එමෙන්ම “දිනන ඇරඹුම”යන තේමාවෙන් යුතු සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන් මාලාව සැප්තැම්බර් 16 සහ 17 දා මාතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවත් මහ ලේකම් වරයා කීය.ඒ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.