ජපානයේ වයස අවුරුදු 80 ට වැඩි ජනහගණය වේගයෙන් ඉහළට

ඉතිහාසයේ පළමුවතාවට ජපානයේ පුද්ගලයන් දසදෙනකුගෙන් එක් අයකුට වඩා අවුරුදු 80 හෝ ඊට වැඩි වයසක පසුවන බව නවතම වාර්තාවකින් අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කොට තිබේ. එරට ජාතික සංඛ්‍යාලේඛන දත්තවලට අනුව මිලියන 125ක ජනගහනයක් ඇති ජපානයේ අවුරුදු 65 හෝ ඊට වැඩි වයසේ පසුවන පුද්ගලයන්ගේ ප්‍රතිශතය 29.1%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.ජපානය ලොව අඩුම උපත් අනුපාතයක් හිමි රටක් ලෙස සැලකෙන අතර, එහි ජනගහනය වයසට යෑම පාලනය කිරීම දුෂ්කර වනු ඇතැයි ද වාර්තා වේ. එරට වර්ධනය වන ජීවන වියදම ඉහළ යෑමේ ප්‍රවණතාව මැද වැඩි පැය ගණනාවක් රැකියාවේ නිරතවන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇතැයි ද, එය එරට උපත් අනුපාතයේ වර්ධනයට පවා දැඩි බලපෑමක් එල්ල වූ කරුණක් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කොට තිබේ..

කාලීන පුවත්