ගංජා ප්‍රවර්ධනයට ආණ්ඩුව ඉඩ දෙනවාද?

අන්තරායකර මත්ද්‍රව්‍ය ලැයිස්තුවට ඇතුළත් කර ඇති ගංජා මත්ද්‍රව්‍ය භාවිතය මෙරට ප්‍රවර්ධනය කිරීමට රජය අවසර දෙන්නේ දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රශ්න කළේය.අන්තරායකර ඖෂධ සඳහා යොමුවන බොහෝ දෙනකු එහි ආරම්භය ලෙස ගංජා භාවිත කරන බවට පර්යේෂණ වාර්තාවල පවා සඳහන් වන බවත් විනෝදාස්වාදය වෙනුවෙන් ගංජා ඉරීම සහ ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය නීතිමය අවසරය ලබා දීමට රජය කටයුතු කරන්නේ දැයි විපක්ෂ නායකවරයා විමසීය.ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයක් මතුකරමින් විපක්ෂ නායකවරයා වැඩි දුරටත් අදහස් පළ කළ විපක්ෂ නායක වරයා ලෝකයේ බොහෝ රටවල් අන්තරායකර මත්ද්‍රව්‍ය ලැයිස්තුවට ඇතුළත් කර ඇති ගංජා මත්ද්‍රව්‍ය භාවිතය මෙරට ප්‍රවර්ධනය කිරීම තුළින් අන්තරායකර මත්ද්‍රව්‍යවලට පෙළඹෙන්නන් වැඩි නොවන බවට රජය අසහතික වන්නේ කෙසේදැයි විමසා සිටියේය.

කාලීන පුවත්