2024 අය වැය නොවැ.13දා මැතිසබයට

2024 අයවැය යෝජනා නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය සභාගත කිරීමට නියමිතයි.

අය වැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්වා පැවැත්වෙන අතර 21 වන දා පස්වරුවේ දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය ඇමැති ප්‍රකාශ කර සිටියි.

විසර්ජන කෙටුම්පත තෙවැනි කියවීම සඳහා ජන්ද විමසීම දෙසැම්බර් 13 වැනිදා පැවැත්වෙයි.

අය වැය සම්මත කර ගැනීමෙන් අනතුරුව ඊට කථානායක අනුමැතිය ඇතිව දෙසැම්බර් 27 වන විට නීතියක් බවට පත් කිරීමට නියමිත අතර දෙසැම්බර් 31 වැනිදායින් පසු රජයේ වියදම් සඳහා මුදල් වෙන් කිරීම සිදු වන්නේ නව අය වැය මඟිනි.

කාලීන පුවත්