ගංවතුර ආපදා වලින් අත් මිදෙන්න නාවික හමුදා සහාය

ඉදිරි දින වල හටගත හැකි ගංවතුර අවදානම හමුවේ එම ආපදාවට පත් විය හැකි ප්‍රදේශ වල පීඩාවට පත් වන ජනතාවට සහන සැලසීම පිණිස නාවික හමුදා කණ්ඩායම් සීරුවෙන් තබා ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කරයි. නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් මත දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක ආපදා සහන කණ්ඩායම් ස්ථානගත කිරීමට පියවර ගෙන ඇති අතර හදිසි ගංවතුර තත්වයකදී ජනතාවට සහන සැලසීමට සහ ඔවුන් එම ආපදාවෙන් මුදාගැනීමට දකුණු නාවික විධානය මඟින් ගාල්ල, අකුරැස්ස, අතුරලිය සහ තවලම යන ප්‍රදේශ වෙත සහන කණ්ඩායම බැගින් හා කඹුරුපිටිය ප්‍රදේශය වෙත සහන කණ්ඩායම් දෙකක් යොමු කර ඇත.මේ අතර ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත් වන ජනතාවට අවශ්‍ය සහන සැලසීමට අවශ්‍යතාව මත ස්ථානගත කිරීමට අමතර නාවික හමුදා සහන කණ්ඩායම් මේ වන විටත් සූදානමින් තබා ඇති බවද නාවික හමුදාව පවසයි.

කාලීන පුවත්