වසර සියයකින් මෙපිට වාර්තා වූ අතිශය අයහපත් කාලගුණික තත්වයක් මත ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ප්‍රබල සුළි කුණාටුවත් සමඟ ඇති වූ ගංවතුර හේතුවෙන් මෙසේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වෙයි.මේ වන විට නිව්යෝක් හි ජීවිත ගලවා ගැනීමේ ආපදා සහන සේවා සහ හදිසි වෛද්‍ය ප්‍රතිකාර සේවා සීරුවෙන් තබා ඇති අතර ප්‍රදේශ රැසක උමං මාර්ග මෙන්ම වීථි ජලයෙන් යට වී පවතියි.මෙම අයහපත් කාලගුණික තත්වය මත ලාගර්ඩියා ගුවන්තොටුපොළේ එක් පර්යන්තයක් වසා දැමීමට ද බලධාරීන් ක්‍රියා කර තිබේ.