මහියංගණය පෙරහැර සඳහා රැගෙන ගෙනවුත් සිටි සිටි මහරගම “සීතා” හීලෑ ඇතින්න පෙරහර අවසන්ව මහවැලි ගඟ ආසන්නයේ ගැට ගසා සිටියදී වන අලියකු යැයි සිතා ඇතින්නට වෙඩිතැබීම සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක නිලධාරියකු අත් අඩංගුවට ගෙන තිබේ.මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මාපාකඩවැව වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.අද(30) අලුයම 03.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර තිබේ.වන අලින් කඩා වැදීම නිසා මහියංගණය පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවට සිදු විය හැකි හානි පිටු දැකීම පිණිස රබර් උණ්ඩ වලින්වෙඩි තබා වන අලින් පලවා හැරීමේ ක්‍රියාන්විතයක් දියත් කොට ඇති අතර වාරයේ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.