බස් ගාස්තු වැඩි කරන්න තරම් ඉන්ධන මිල ඉහළ යාම ප්‍රමාණවත් නෑ

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව ඉන්ධන මිල ඉහළ යෑමේ ප්‍රතිශතය සියයට 4 කට වඩා වැඩි වුවහොත් පමණක් බස් ගාස්තු ඉහළ දැමිය හැකි බව පවසන ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න විජේරත්න මහතා ඉන්ධන මිල රුපියල් 10 කින් මිල ඉහළ යෑම සියයට 2 පමණ ප්‍රතිශතයක් බැවින් එය බස් ගාස්තු ඉහළ නැංවීමට ප්‍රමාණවත් නොවන බව පැවසීය.මාසයෙන් මාසයට ඉන්ධන මිල ඉහළ දමන්නේ නම් ඊට අනුකූල ලෙස ජාතික ප්‍රතිපත්තිය වෙනස් කළ යුතු බවත් එයට පිළියමක් ලෙස පෙරගෙවුම් කාඩ්පත හැකි ඉක්මණින් සියලුම බස් රථවල ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

කාලීන පුවත්