ඉන්දියානු නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් අද මෙරටට

ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් ඉන්දියාවේ සිට අද(19) ගුවන් මගින් දිවයිනට රැගෙන ඒමට නියමිතය.ශ්‍රී ලංකාවේ වී වගාව කෙරෙන සම්පූර්ණ භූමි ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ අටක් වුවද හෙක්ටයාර් ලක්ෂ නවයකට අවශ්‍ය එම දියර පොහොර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියයි.ඒ අනුව ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් මිලියන 3.1ක තොගයක් දැනටමත් ඇණවුම් කර ඇති අතර මෙම නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂය අද ගෙනෙනුයේ එහි මුල් අදියර වශයෙනි. නවීන නැනෝ තාක්ෂණය උපයෝගී කරගනිමින් ඉන්දියාවේ IFFCO සමාගම නිපදවා ඇති මෙම නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවේ දී ද අත්හදා බලා ඇත්තේ කෘෂි බෝග වර්ග කිහිපයක් සම්බන්ධයෙන් පමණි.

කාලීන පුවත්