ලබන 25 වැනිදාකොළඹ වරායට සේන්දුවීමට නියමිත ෂියාන් 6 චීන පර්යේෂණ නෞකාවට මෙරටට ඇතුළු වීමට ඉඩ ලබා දීම සම්බන්ධයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයෙන් පසුව තීරණයකට එළඹෙනු ඇත.මෙම නෞකාවේ ලංකා ගමන සම්බන්ධයෙන් ඉන්දියාව, ඇමරිකාව හා ජපානය ද විරෝධය දක්වා ඇත.නමුත් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ මේ චීන යාත්‍රාවට ලංකාවට පැමිණීමට මෙතෙක් අනුමැතිය ලබාදී නැති බවකි.ජනාධිපතිවරයාගේ චීන සංචාරය මේ මස මැදදී සිදු කෙරෙන අතර එහිදී චීන ජනපතිවරයා සමඟ දෙරට අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වෙනු ඇත.