නිල්වලා පහළ නිම්න ප්‍රදේශ වලට ගංවතුර අවදානමක්

මේ වන විටත් පිටාර මට්ටමේ පවතින නිල්වලා ගංගාව ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් පවතින බැවින් නිල්වලා ගංගා ජල පෝෂක ප්‍රදේශයට ඉදිරි පැය 24 තුළ මිලිමීටර් 100 ක වර්ෂාපතනයක් ඇතිවුව හොත් නිල්වලා ගඟ ආශ්‍රිත පහත්බිම් සදහා ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.මේ හේතුවෙන් මාතර, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, අතුරළිය සහ අකුරැස්ස යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් නිල්වලා ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තු නිවේදනයේ සඳහන් වේ. එබැවින් නිල්වලා ගංගාව ආශ්‍රිත පහත් නිම්නයේ පදිංචි ජනතාව මේ පිළිබදව දැඩි අවධානයක් යොමු කරන මෙන් කාරුණික ඉල්ලා සිටින අතර යම් ආපදා තත්වයක් පිළිබදව තොරතුරු වීමසීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 මගින් ලබා ගත හැකිය.මේ අතර ඉදිරි පැය 24 තුළ බස්නාහිර දකුණ සහ සබරගමුව යන පළාත් සදහා මිලිමීටර් 100 ය ඉක්ම වු වර්ෂාපතනයක් ලැබේ යැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ද නිවේදනය කර ඇත.

කාලීන පුවත්