නවක වදය ගැන සොයන්න රාත්‍රියේ සරසවි නේවාසිකාගාර පිරික්සති

විශ්ව විද්‍යාල නවකවදය පිටුදැකීමේ අරමුණින් විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරික්ෂා කිරීමට තීරණය කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.නේවාසිකාගාරවල රාත්‍රී 12 ත් අළුයම 5 ත් අතර කාලයේ නවක වදය වැඩි වශයෙන් සිදුවන බවට ලැබුණු තොරතුරු අනුව මෙම තීරණය ගත් බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි..විශ්ව විද්‍යාල විනය ආරක්ෂක බලධාරීන් හා ශිෂ්‍ය උපදේශකයන් මෙම පරීක්ෂාවන් සඳහා යොදවන බව පැවසූ රාඝවන් මහතා විශ්ව විද්‍යාල වල නවක වදය වැළැක්වීම සඳහා සඳහා ජාතික කමිටුවක්ද පත් කරනු ලැබ ඇතැයි සඳහන් කරයි..

කාලීන පුවත්