පරිසර ඇමති පදවියත් ජනපතිට

පාර්ලිමේන්තු මන්ත්‍රී පදවිය අහිමිවූ නසීර් අහමඩ් මහතාගේ පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කොට ඇති බව පැවසෙන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වී තිබේ.ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත..ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධුරය අහිමි වී ඇති අතරේ ඔහු වෙනුවට එම මන්ත්‍රී ධුරය සඳහා අලි සහීර් මව්ලානා මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කොට තිබේ.

කාලීන පුවත්