දින තුනේ දුම්රිය ගමනට කෝටි 22ක්

රුපියල් කෝටි විසි දෙකකට වැඩි මුදලක් අනුරාධපුර සිට මිහින්තලේ දක්වා වෙනම දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහා වියදම් කිරීම ප්‍රශ්නකාරී බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

අනුරාධපුර සිට මිහින්තලේ දක්වා දුම්රිය ධාවනය පොසොන් කාලයට පමණක් වසරකට දින තුනක් හෝ හතරක් සිදුකරන අතර 2019 වර්ෂයෙන් පසු එම දුම්රිය ධාවනය කර නොතිබුණු බව විගණන කාර්යාලය පවසයි.

අනුරාධපුර සිට මිහින්තලය හන්දිය දක්වා කිලෝමීටර් 1.5 ක දුර ප්‍රමාණය ප්‍රධාන මාර්ගයේම මිහින්තලේ දක්වා දුම්රිය ධාවනය කිරීමට හැකිව තිබියදී වසරකට දින තුනක් හෝ හතරක දුම්රිය ධාවනයක් වෙනුවෙන් මෙපමණ මුදලක් වැය කිරීම ගැටලුවක් බවද එම වාර්තාවේ දැක්වේ.

කාලීන පුවත්