සීතාට සාධාරණය ඉෂ්ඨ කර ගැනීම සඳහා ජාත්‍යන්තර අධිකරණයකට යාමට සූදානම්

මහරගම සීතා ඇතින්නට සාධාරණය ඉෂ්ඨ කර ගැනීම සඳහා ජාත්‍යන්තර අධිකරණයකට හෝ යාමට තමා පසුබට නොවන බව එම ඇතින්නගේ හිමිකරු වන එස්.එම්. රොෂාන් පවසයි.

මහියංගනය රජමහා විහාරයේ ඇසළ පෙරහර සඳහා රැගෙනවිත් තිබූ සීතා ඇතින්නට වනජීවි දෙපාර්තමේන්තුවට අයත් සිවිල් ආරක්ෂක සෙබළෙකු විසින් වෙඩි තබා තිබුණේ පසුගිය මස 30 වනදායි.

ප්‍රතිකාර සඳහා මහනුවර රණවන ප්‍රදේශයට රැගෙන ආ සීතා ඇතින්න වෛද්‍ය උපදෙස් මත එම සත්ත්වයාගේ ස්ථීර වාසස්ථාන වූ මහරගම ප්‍රදේශයට ඊයේ යලි රැගෙන එන ලදි.

කාලීන පුවත්