ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන දෙවන වාරිකය ලබාදීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් හා මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇත.මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ආර්ථික ක්‍රියාදාමයන් පිළිබඳ ප්‍රථම සමාලෝචනයෙන් පසු මෙම එකඟතාවයට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කර ඇති අතර එම ණය මුදලේ දෙවන වාරිකය ලෙස .ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක් ශ්‍රී ලංකාවට හිමිවන බව ද මූල්‍ය අරමුදල නිවේදනයේ සඳහන් ය.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවට ලබාදෙන ණය පහසුකම යටතේ මේ දක්වා මුදාහැර ඇති සම්පූර්ණ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 660කි.