ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්ගේ නිවෙස් වටලන ලෙසට අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ජනතාවට ආරාධනා කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි සදාචාර විරෝධී ක්‍රියාවක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (20 ) පැවසීය.ඒ අනුව එම මන්ත්‍රීවරුන් දෙදෙනා ගේ ප්‍රකාශ හෙළා දකින බවද ඔහු සඳහන් කළේය.කතානායක වරයා මෙසේ පැවසුවේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගම යන මහත්වරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.