පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දෙපිරිසක් අතර අද (20) පාර්ලිමේන්තු සංකීර්ණයේ පහළ මාලයේ පුස්තකාලය අසල ඇති වූ ගැටුම්කාරී තත්වයක් අතරතුර තමන්ට සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්රික් මන්ත්රී සුජිත් සංජය පෙරේරා මහතා පහර දුන් බව රාජ්ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පවසා තිබේ.මුලදී රාජ්ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ සමගි ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්රික් මන්ත්රී රෝහණ බණ්ඩාර මහතා අතර කිසියම් කාරණයක් සම්බන්ධයෙන් බහින්බස් වීමක් සිදුව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. ඒ අවස්ථාවේදී එම පක්ෂයේ කෑගල්ල දිස්ත්රික් මන්ත්රී සුජිත් සංජය පෙරේරා මහතා එම සිද්ධිය සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර ඇති බවත් එහිදී ගමගේ මහත්මිය උද්වේගකර ලෙස විරෝධය පළ කිරීමේ දී ඇය සහ සුජිත් සංජය පෙරේරා අතර ද ප්රබල ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබූ බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.