විදුලි බිල ශීඝ්‍රයෙන් ඉහළ නැංවීම හේතුවෙන් ඉදිරි කාලවලදී දෙව්මැඳුරුවල පැවැත්වෙන වාර්ෂික මංගල්‍ය උත්සවවලදී හැකිතාක් විදුලිය පිරිමසා ගන්නා ලෙස කිතුනු දෙව්මැඳුරු භාර පියවරුන්ට දැනුම්දී තිබෙන බව ජාඇල-මීගමුව කලාපය භාර ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා පවසයි.දෙව්මැඳුරුවල පැවැත්වෙන මංගල්‍යයන් වෙනුවෙන් ගොඩනැඟිලි මෙන්ම කොඩිගහට පවා වැඩිපුර විදුලිය සැපයීම කර විදුලි ආලෝකයෙන් වර්ණවත් කරන අතර අද තත්ත්වය අනුව බොහෝ දෙව්මැඳුරුවල විදුලි බලය සීමාකර තිබෙන බව ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා පැවැසීය. දේවස්ථාන වාර්ෂික මංගල්යන්ය වෙනුවෙන් පෙරදින සවස පැවැත්වෙන වෙස්ප්රස් දේව මෙහෙයන්වලදී පවා විදුලි ආලෝකය බොහෝදුරට සීමා කරන බව ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා පවසයි.