ණයක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF ) කියන සියල්ලම කිරීමට ගියොත් අවසානයේ ණය ලැබෙන විට රටේ ජනතාව බාගෙට බාගයක් මිය ගොස් තිබෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි. ජනතාව බාගෙට මරා රටත් මරාගෙන ණය අරගෙන වැඩක් නැති බව ද ඔහු පවසයි.මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.