ශ්‍රී ලංකාවේ හොඳ නම ඊශ්‍රායලයේ රඳවා අනුලා මව් රටට අන්තිම ගමන් එයි

ඊශ්‍රායලයේ දී මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය අද (28) පෙරවරුවේ දිවයිනට රැගෙන විත් තිබේ.මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය භාරගැනීම සඳහා පවුලේ ඥාතීන් ගුවන්තොටුපොළට පැමිණ සිටින අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටි බව සඳහන් වේ.පසුගිය 07 වැනිදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ සිදුකළ ප්‍රහාරයක් අතරතුරදී ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබූ අතර තම දිවි නොතකා සිය වෘත්තියේ යෙදී සිටිය දී ඇයට අත් වූ මෙම ඉරණම සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ද කතා බහක් ඇති වූ බවත් එය ශ්‍රී ලාංකාව පිළිබඳ යහපත් ප්‍රතිරූපය වර්ධනය කරවන්නක් බවත් ඊශ්‍රායල ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්