ඉහළ යමින් පවතින සීනි මිල පාලනය කිරිම සඳහා මේ වන විටත් වැඩපිළිවෙලක් සූදානම් කර ඇති බව රජය සදහන් කරයි.
රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ ඒ සඳහා පිටරටින් සීනි ආනයනය කර මිල පාලනය කිරිමට ඉදිරියේදී පියවර ගන්නා බවයි.
ඔහු සඳහන් කළේ දේශීය සීනි මිල ඉහළ දැමීමට ඉඩ නොතබන බවයි.