අග්බෝට යළිත් වෙඩි වදී

පසුගිය ජුනි මාසයේ දී බදින තුවක්කුවක් පත්තුවීමෙන් පාදයකට බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි අග්බෝ හස්තියා අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේ දී යළිත් වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ.වනජීවි දෙපාර්තමේන්තුව සදහන් කළේ මීට සතියකට පමණ පෙර එම හස්තියා වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවට විශ්වාස කරන බවකි.අග්බෝ හස්තියාගේ සිරුරේ පිටුපස කොටසේ උණ්ඩ පහක් පමණ තිබී ඇත. එම තුවාල සදහා වනජීවි දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාපය භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් ප්‍රතිකාර ආරම්භ කර තිබේ.අග්බෝ ඒ ආශ්‍රිත මිනිස් ජනාවාස වෙත මෙම වෙඩි තැබීම සිදු කොට ඇතැයි කියනු ලැබේ.පශු වෛද්‍යවරුන් සඳහන් කළේ, හස්තියාගේ තත්ත්වය බරපතළ නොවන බවය.

කාලීන පුවත්