ඊයේ(28) රාත්‍රී මුහුදු මාර්ගයේ වැල්ලවත්ත ප්‍රදේශයේ දී බීමතින් මෝටර් රථයක් පදවා බස් රථයක් සහ මෝටර් රථයක් අනතුරට ලක්කළ බවට එල්ලවූ චෝදනාව මත ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.එම චෝදනාව මත වැල්ලවත්ත පොලිසිය ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගත් ඔහු අද අධිකරණයට ඉදිරිපත් කර ඇත.