මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කරන ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබූ පඬු කරඳ ගසක් කපා වළ දමා තිබීම සම්බන්ධව බී වාර්තාවක් මඟින් ගොනු කර තිබූ පැමිණිල්ලකට අදාළව නීතිමය පියවර නොගන්නා බවට ගම්පහ වැඩ බලන දිසා වන නිලධාරි ඇම්.ඇම්. වරුණප්‍රිය මහතා ඊයේ (3) විවෘත අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමෙන් අනතුරුව ගම්පහ අංක 2 මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මිය එම නඩුව අවසන් කිරීමට නියෝග කළාය.එම පඬු කරඳ ගස හොර රහසේ මහ රෑ කපා වළ දමා ඇති බව කියමින් ගම්පහ දිසා වන කාර්යාලය මගින් මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් අංශයට එරෙහිව එම පැමිණිල්ල ගොනු කොට තිබිණි. මේ පැමිණිල්ලට අදාළව මහේස්ත්‍රාත්වරියගේ නියෝග පරිදි එහි වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක මහත්මියගේ අධීක්ෂණය යටතේ එසේ වළ දමා තිබූ පඬු කරඳ ගස පසුගිය ජූනි 28 දා ගොඩ ගෙන ගම්පහ උද්භිද උද්‍යානයට රැගෙන ගොස් නැවත සිටුවනු ලැබීය. මෙයට අදාළ බී වාර්තාව ඊයේ (3) නැවත කැඳවූ අවස්ථාවේ ගම්පහ වැඩ බලන දිසා වන නිලධාරි ඇම්.ඇම්. වරුණප්‍රිය මහතා කරුණු දක්වමින් නඩුව ඉදිරියට පවත්වා ගෙන නොයන බවට ප්‍රකාශ කර එය ඉල්ලා අස් කරගන්නා බව කියා සිටියේය. මෙහිදී පුරා වස්තු සුරැකීමේ සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්දිනු ධීරසේකර මහතා කරුණු දක්වමින් “මහ පුදුම කතාවක් අද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය ඉදිරියට පැමිණ කියා කියා සිටිනවා. මෙය පැහැදිලිවම අපරාධයක්. දුප්පත් පුරවැසියෙක් වනාන්තරයක ඇත්තක් කැපුවත් මේ වන නිලධාරීන් එම පුද්ගලයා උස්සගෙන ඇවිත් නඩු දාන බවත් නමුත් මේ බරපතළ අපරාධයට අදාළ පැමිණිල්ල ඉල්ලා අස් කරගන්නවා කියන්නේ දේශපාන බලපෑම මත” යැයි කීය.