අද වන විට ඉතා කණගාරුදායක මට්ටමට පත් ව ඇතික්රිකට් ක්‍රීඩාව ගොඩගැනීම තමන්ට ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බව ක්‍රිකට් අතුරු කමිටුවේ, සභාපති අර්ජුන රණතුංග මහතා පවසයි.තමාගේ අවධානය යොමු වනුයේ ක්‍රිකට් ක්‍රීඩාවට බවත් පරිපාලනය පිළිබඳ අනෙක් සාමාජිකයින් විසින් කටයුතු කරනු ඇති බවත් පැවසු අර්ජුන රණතුංග මහතා, ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට නව සන්නාමයක් හඳුන්වා දීම තම අභිප්‍රාය වන බවත් කියා සිටියි.එමෙන්ම රටට ආදරය කරන ක්‍රීඩක පිරිසක් සාදා ගැනීම තම මුලික කටයුත්ත බව ද සඳහන් කළ අර්ජුන රණතුංග මහතා, තමාට භාරදුන් කටයුත්ත නිසිලෙස ඉටු කිරීමට බලාපොරොත්තු වන බවත් තමාට හිමිවූ තනතුර බලෙන් ලබාගත් දෙයක් නොවන බව ද පැවසීය.”ලංකාවේ තිබෙන හොරම දූෂිතම ආයතනය මේක බවට පත්වුණා. මේ සියල්ලම වෙනස් වෙලා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ආදරය කරන ක්‍රිකට් කණ්ඩායමක් සහ ආයතනයක් බවට පත් කිරීමට සහ රටට ආදරය කරන ක්‍රිඩකයන් ටිකක් හදා ගැනීම තමා මගේ බලාපොරොත්තුව”.යැයි අර්ජුන රණතුන්ංග මහතා කීය. 1973 අංක 25 දරණ ක්‍රීඩා නීතියට අනුව පැවරී ඇති බලතල මත ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අතුරු කමිටුවක් පත්කළ අතර, කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත්ව නොසිටි බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.එමෙන්ම නව අතුරු කමිටුවට පත්කළ සාමාජිකයින් පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර නොමැති බවද වාර්තා වේ.ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) සවස පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡා කිරීමට නියමිත බව ද වාර්තා වේ.