නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැඟිල්ලේ සංචාරක ව්‍යාපෘතියක් අරඹනවාට මම නම් කැමතියි

නුවරඑළිය තැපැල් කාර්යාලය පැවැති ගොඩනැඟිල්ලේ සංචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට විෂය භාර ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා ගත් තීරණයට තමන් එකඟ වන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, කැබිනට් ප්‍රකාශක, බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. තැපැල් කාර්යාලය වෙනත් ස්ථානයකට ගෙන ගොස් එය දැනට පිහිටි ස්ථානයේ වෙනත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ යන අතර රැකියා අවස්ථා නිර්මාණය වන බවත් කී ඇමැතිවරයා, සංචාරක ව්‍යාපාරයේ දියුණුවට ද වැදගත් වන බව ද කීවේය.එමෙන්ම මේ වන විට එම ගොඩනැඟිල්ල අතිශය අබලන් තත්වයක පවතින බව ද ඔහු කීය. ඇමැතිවරයා මේ බව පැවසුවේ කැබිනට් තීරණය දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

කාලීන පුවත්