දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 08 ම විවෘත කර තිබේ.
වාන් දොරටු හතරක් අඩි 04 බැගින් විවෘත කර ඇති අතර ඊට අමතර ව සෙසු දොරටු 04 ම අඩි 02ක බැගින් නිදහස් කර තිබේ.
ඉන් තත්ත්පරයකට ඝන අඩි 17000ක ජල ධාරිතාවක් මුදාහැරෙන බවයි වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පැවසුවේ.
මේ හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ අවට පහත් බිම්වල වෙසෙන ජනතාව වඩාත් විමසිල්ලෙන් පසුවන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.