ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය(ICC ) ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවූ බව නිල වශයෙන් නිවේදනය කොට ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳ අවධානය යොමුකර මෙම තීරණය ගත් බවත් තහනමට අදාළ කොන්දේසි පසුව දැනුම් දෙන බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සඳහන් කරයි.එම කවුන්සලය ඊයේ(10 )පස්වරුවේ රැස් වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹ තිබේ.මෙම තහනම අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියේ දී කිසිදු අන්තර්ජාතික තරගයකට සහභාගී විය නොහැකි අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ කිසිදු රැස්වීමකට සහභාගී විය නොහැක.මෙම තහනමට අදාල කොන්දේසි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඉදිරියේදී දැනුම් දෙනු ඇත.