ෂම්මි සිල්වා විසින් සලකන ලද අය පාර්ලිමේන්තුවේ දෙබිඩි රංගනයක නිරත වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියයි.ක්‍රිකට් ප්රශ්නය ඉස්මතු වීමෙන් රටේ සෙසු ප්‍රශ්න යටපත් වන බවට ඇතැමුන් කුහක මතයක් ගෙන එන බවත් එසේ නම් රටේ සෙසු ප්‍රශ්න යට යන නිසා කිසිම ප්‍රශ්නයක් සාකච්ඡාවට ගත නොහැකි බවත් ඒ මහතා කියයි. වීරවංශ මහතා මෙම අදහස් පළ කළේ ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පැවැති විවාදයේ ඡන්දය විමසන අවස්ථාවේදී ජවිපෙ මන්ත්‍රීවරුන් තිදෙනා පාර්ලිමේන්තුවේ නොසිටීම සම්බන්ධයෙන් මාධ්‍යයෙන් කළ විමසුමක දීය.