ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබා දීමට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක් අල්ලස් වශයෙන් ලබාගැනීමට යාමේදී අත්අඩංගුවට ගැනුණු බව පැවසෙන මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ ඇතුළු තිදෙනා එළඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.ඔවුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (10) සන්ධ්‍යාවේ දී අත්අඩංගුවට ගන්නා ලදී.මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ මහතා ඔහුගේ කාර්යාලයේදීත් අනෙක් දෙදෙනා සුපිරි වෙළෙඳසලක් තුළදීත් අත්අඩංගුවට ගෙන ඇත.අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර සබරගමු පළාත්සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ද සිටින බව සඳහන් ය.