අපනයනය කිරීම සඳහා පළතුරු වගා කෙරෙන ගම්මාන පුළුල් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මේ යටතේ මාතලේ මිනිපේ 3 සහ 4 ගොවි ජනපදවල ටොම් ඊ.ජේ.සී අඹ වගාව ප්‍රචලිත කෙරෙන බව එම අමාත්‍යංශය සඳහන් කළේ ය.
තෝරාගත් පවුල් 55ක් වාණිජ අඹ වගාවට යොමු කෙරෙන අතර ඔවුන් සඳහා අඹ පැල 5,440 ක් සහ උපකරණ කට්ටල නොමිලේ ලබාදීමටද පියවර ගෙන ඇත.