ජනාධිපති වරයා විසින් හෙට(13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අය- වැය ජනතාව මුහුණ දෙන කෙටිකාලීන ගැටළු කෙරෙහි අවධානය යොමු කෙරෙන අතරේ දීර්ඝ කාලීනව රට නඟා සිටුවීම පදනම් කරගත් අයවැයක් වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.ඔහු වැඩි දුරටත් පවසනුයේ කෙටි කාලීන ජනප්‍රියතාවය උදෙසා හෝ මැතිවරණ ඉලක්ක කර ගනිමින් මෙවර අයවැය සකසා නොමැති බවකි.එමෙන්ම ජනාධිපතිවරයා රට භාරගැනීමේදී සඳහන් කළ ආකාරයට දිගු කාලීන ස්ථාවර එමෙන්ම පෙර සේ ආර්ථිකයේ පතුලට නැවත වතාවක් රට නොවැටෙන ආකාරයට කටයුතු කරන බවට කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් මෙවර අයවැය සැකසී ඇති බවකි.