ජල ගාස්තු සඳහා ද මිල සූත්‍රයක් සැකසීම පිළිබඳ සාකච්ඡා කරමින් හිඳින බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.ජලයේ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය රැකගැනීම සහ පිරිවැය අඩු කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇති කිරීමට රජය සැලසුම් කර ඇති බවත් ජලය විකිණීමට හෝ පෞද්ගලීකරණය කිරීමට කිසිදු අදහසක් නොමැති බව ද අමාත්‍යවරයා කීය.යෝජිත ජල ගාස්තු පිළිබඳ මිල සූත්‍රයේ අවසන් කෙටුම්පත දෙසැම්බර් මාසයේදී සකස් කර අවසන් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා කීය.ඔහු වැඩිදුරටත් පැවසුවේ එමගින් පුණ්‍ය ආයතන, රෝහල් සහ පාසල් සඳහා සාධාරණ මිල ගණන් යටතේ ජල සැපයුම ලබාදෙන බවකි.